සුබ අලුත් අවුරුද්දක් වේවා...........
image from Kavidu.com
ගොඩක් වැඩ කරල මහන්සිත් ඇති, මේ අවුරුද්දට ඔක්කොම අමතක කරල පවුලේ අයත් එක්ක විනෝද වෙන්න.
පවුලෙ අය ඉන්නෙ ගොඩක්ම දුරකනම්, යන්නත් බැරිනම් ලගම යාළුවොත් එක්ක අවුරුද්ද සමරන්න..........
සුබ අලුත් අවුරුද්දක් වේවා...........
image from Kavidu.com
ගොඩක් වැඩ කරල මහන්සිත් ඇති, මේ අවුරුද්දට ඔක්කොම අමතක කරල පවුලේ අයත් එක්ක විනෝද වෙන්න.
පවුලෙ අය ඉන්නෙ ගොඩක්ම දුරකනම්, යන්නත් බැරිනම් ලගම යාළුවොත් එක්ක අවුරුද්ද සමරන්න..........
Peradaaka………
Peredaaka - A Song for the Broken Hearts
Artists : Hashan Perera & Tharaka Jayasri
Lyrics By : Wasana Perera
Composed By : Amith Gurulawela
Mixed & Masterd @ State Of GURU
Released Date : 10th of April 2011
අවුරුදුත් ලගයි, මේ දවස් වල මම අපේ ගෙදර බිත්ති පාට වලින් හෝදනව......... මෙහෙම කිව්වහව කට්ටිය අහයි සුරංගනා කථාවක් ද කියලා....... සින්හලෙන් කියන්නෙ Color wash කියල.
ඒවා වැඩක් නෑ......... ඔන්න මම ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක් දෙන්න හිතුවා. අලුත් අවුරුදු සින්දු.
මෙතන මගෙ ආසම සින්දුව, ඒ කියන්නෙ ලයනල් රන්වලයන්ගේ, “මේ අවුරුදු කාලෙ ඉදල”, තව ගොඩක් ගායක්යින්ගෙ සින්දු තියනවා..... ඒ අතර මම ජීවිතේට අහපු නැති සින්දුත් තියනව. ඔයාලටත් මේවා ඕන වෙයි මේ දවස් වල.

ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද......... අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු.......... ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.
ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා........ ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ........ ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.
දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ..... ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.
කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.
කාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5) නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.
සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.
බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.
ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක් (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.
කඩේට යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world වැනි තැනක ගොස් විනෝද වන්න.
මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.
ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට හවුල් වන්න. ( අම්මාට හෝ ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.
ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතුටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.
Don't worry, be happy
As Bobby McFerrin's "Don't worry, be happy" song lyrics stated, "in this life we have some troubles, but if you worry you make it double, so don't worry."
Article by: Walk on Dew
උපුටා ගැනීම : wikihow.com




වියමන Wiyamana All Rights Reserved. Walk on Dew