ඇතුලෙ තිබුනු ලිපිකොල ටික පිටට ඇදෙනවා
අකුර අකුර නැවතත් මගෙ හිතේ ඇදෙනවා
මහ රෑ මම දොර ඇරගෙන කවි පබදිනවා
අම්ම ඇවිත් නිදිමරන්න හේතු අහනවා
තිබ්බ නිදිමතත් නැතිවී හැටට නගිනවා
ඒ කියන්නෙ මගේ හොදට බව වැටහෙනවා
නින්දක් නැති මගේ ලෝකෙ මං තනිවෙනවා
පෙර දිනකදි පැතු ඒ වත සිත දැවටෙනවා
යාන්තමට නෙතු අද්දර කදුලු උනනවා
මතු දිනකදි උබ හිනහෙයි සිත මුමුනනවා
මේ මහ රෑ මගේ හිතත් බයිලා කියනවා
ඈත අහසෙ රන් පාටට සද දිලිසෙනවා
දුටු සද සද මගේ හිතත් නැවත සැලෙනවා
ඊට ප්‍රතම කලයුතු දේ එමට තියනවා
පෙම පසුවට, දිවිය පෙරට තබා වදිනවා
පූසා ඇවිත් මගේ කකුල කන්න හදනවා
කෝප වෙලා පන්න ගන්න පය ඔසවනවා
අහිංසකව ඌ මාදෙස බලන් ඉන්නවා
මෙහෙට වරෙන් මගේ තනිය උබෙන් මැකෙනවා
සිතේ මැවෙන සිතුවිලි මහ ගොඩක් තියනවා
අකුරු වලින් අමුන ගන්න බැරුව තැවෙනවා
වසර ගනනකට පසු අද මම කවි පබදිනවා
සැප දුක සමබර කරගෙන නව දිවි අරඹනවා.
Written by: wiaw